කදු පන්ති කිහිපයකින් වටවූ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
' දෙල්වල මහා විද්‍යාලය අභිමානවත් අතීතයකට උරුමකම් කියන්නෙකි. එහි ලිඛිත ඉතිහාසය 1934 වර්ෂයෙන් ඇරඹිය ද දෙල්වල පාසලේ අතීතය ඊට වඩා පැරණි බව ගමේ පැරැන්නන් පවසති. ඒ අනුව ඈත අතීතයේ දී පීල්ලදොල වත්තේ පන්සල අසල නිවසක සිසුන් 11 කට අකුරු කරමින් පී. ජී.සිල්වා මහතා මෙම පාසල ආරම්භ කල බව පැවසේ. පසු කාලයක මෙම ස්ථානයේ බැහැරව නන්කඳුර ප්‍රදේශයේ නිවසකට ගෙන ගිය බව පැවසේ. පසුව තිස්ස කුට්ටි නම් ගුරුවරයෙකු ගෙන්වා ගත් සිල්වා මහතා එම ගුරුවරයාට වැටුප් ගෙවා ඇත්තේ දෙගුරුන්ගෙගෙන් එකතුකරගත් මුදලිනි. තිස්ස කුට්ටි මහතා සිසුන් කිතු දහමට නැඹුරු කිරීමට උත්සාහ කල බැවින් එය දෙල්වල විහාරස්ථානයට ගෙන යන ලදි. එහි දී විදුහල්පතිතුමාට අමතරව ගුරු මහත්මියකගේ සේවය ලබා ගෙන ඇත.
1934 ඔක්තොම්බර් මස 01 වන දින සිසුන් 37 දෙනෙකුගෙන් දෙල්වල පාසල වර්තමානයේ පවතින ස්ථානයේ ආරම්භ කෙරිණි. සාමාන්‍ය පාසලක් ලෙස පවත්වා ගෙන ගිය මෙය ප්‍රභූවරුන්ගේ සහයෝගය ඇතිව 1972 දී මහා විද්‍යාලයක් බවට උසස් කරන ලද අතර 1976 දී උසස්පෙළ පන්ති ආරම්භ කරන ලදි. 1983 පමණ වන තෙක් විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැක. ඉන්පසු නොයෙකුත් ගැටළු මධ්‍යයේ වුවද විදුහල ඉදිරියට පවත්වාගෙන ඒමට එවකට සිටි විදුහල්පතිවරු සමත් වූහ. ශිෂ්‍යයත්ව විභාගය ඇතුළු සියළුම විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලබා ගනිමින් සිසු දරු දැරියන් තම අනාගතය යහපත් කර ගැනීම සඳහා උත්සාහ කරන අතර ආචාර මණ්ඩලය කැපවෙමින් ඔවුන්ට දක්වන සහයෝගය අතිමහත්ය. එක් ගුරුවරයෙකුගෙන් ඇරඹුනා වූ මෙම විදුහල වර්තමානය වන විට ගුරු මණ්ඩලය 30 පමණ සමන්විත වී ඇත. ගමෙහි මිණි කිරුල බඳු මෙම විදුහල චිරාත් කාලයක් වැජඹේවායි අපගේ පැතුමයි.
|
ආරම්භ කළ වර්ෂය |
1934 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
11 |
|
මුල් ගුරුතුමාගේ නම |
පී. ජී.සිල්වා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පී. ජී.සිල්වා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
දෙල්වල විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
පී. ජී.සිල්වා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1934 ඔක්තෝම්බර් 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පීල්ලදොල පන්සල වත්ත |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පොල්වත්ත ලියනගේ බාල මහත්මයා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
දුරකන්ද කිරිමැණිකෙ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1934 ඔක්තොම්බර් 01 |