පසුගිය කාලය පුරාම ඇති වී තිබූ කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම දරුවන් එක් ස්ථානයකට එක් රැස් කිරීම නොකල අතර මෙම වාරය ආරම්භයත් සමඟ දරුවන් නැවත් දෛනික ඉගැනීවීම් ක්‍රියාවලිය මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලට නිරත වීමට අවශ්‍යයම මොහොතක් බව පසක් කරමින් පසුගිය අඟහරුවාදා එනම් 23 දින 11 ශ්‍රේණියේ දරුවන් විසින් ප්‍රථම උදා හමුව පවත්වන ලදි.
විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් උදා හමුව පවත්වන්නට යෙදුණු අතර සියලූම ගුරුභවතුන් හා සිසුන් සහභාගී විය.
මෙහි දී අංග රැසක් රස වින්දනය සඳහා පවත්වන ලද අතර සිංහල භාෂාවෙන් මෙහෙයවීම දසම් ශිෂ්‍යයා ද, ඉංග්‍රීසි බසින් මෙහෙයවීම චමෝද්‍යා ශිෂ්‍යයාද , දමිළ බසින් මෙහෙයවීම විජේරාණි ශිෂ්‍යාව විසින් සිදු කරන ලදි.