මෙම වර්ෂයේ දෙවන පාසල් වාරය 2021.04.19 දින ර/ දෙල්වල මහා විද්‍යාලයේ වැඩමකර සිටින නිසැක ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබමින් ආගමික වතාවත් සිදුකර ඇරඹුණු අතර මෙහිදී විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් කිරි උතුරුවා අශිර්වාදය ලබා ගන්නා ලදි.
මෙම අවස්ථාවට විද්‍යාලීය ආචාර්ය පූජ්‍ය පෑබොටුවේ සුමනරතන හිමි, විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය , ශිෂ්‍ය නායක නායිකාවන් හා සියලු සිසුන් සහභාගී වූහ.